Tuesday, January 20, 2015

කරදිය ගැඹරේ

කරදිය ගැඹරේ

කරදිය ගැඹරේ කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

Download this song