Tuesday, January 27, 2015

විකසිත පෙම් පොකුරු

සිංහල භාෂාවෙන් ගී ඇහෙන කොට අපි කවුරුත් ගොඩාක්ම කැමති ටිකක් හිමින් යන ගීත අහන්න තමයි...
මාගේ මේ ගී එකතුවේ ගොඩාක්ම තියෙන්නේ හිමින් යන ගීතයි...බය වෙන්න එපා කස්ටිය...මේ ගීත වලට නින්ද යන් නෑ හොඳේ.!!!!!
මේ කාලය වෙනකොට පරන ගීත ටිකක් අඩුයි අහෙනවා..TV එකේ බැලුවත් අනේ මන්දා මොනවා යනවද කියලා.....
අලුත් ගීතත් දානවා..ඒත් හුගාක් ජනප්‍රිය ගීත විතරයි දාන්නේ මම මේකට..
අහන්න පුලුවන් ඒවා..මෙම website එකා ආරම්බයෙන් පස්සෙ හැමදාම මම එක ගීතය ගානේ දානව..
මම මෙහි යොදන වෙනස්ම දේ තමයි සිංහල ගීත පදවැල් සමග දාන්නේ...නිකන්ම නිකන් ගීතය නෙමෙයි....
එහෙනම් මම කියෙවුවා ඇති නේද?..ගීත ටික බලන්නකෝ...


විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
W.D.Amaradewa Master
මගේ සොඳුරු ළඳුනේ...
මගේ සොඳුරු ළඳුනේ.......

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...
ඔබට විරහ ගිනි නොගෙනේවා...

විකසිත පෙම්......

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික්‌ පහන් වැට දැල්වේවා...
මැණික්‌ පහන් වැට දැල්වේවා...

විකසිත පෙම්......

ඔබෙ නිල් නුවන්

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කදුලු මිදිලා
Milton Mallawarachchi
මට එ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

ඔය දෑත මාගේ දෑතේ
සතපා ගෙවු අතිතේ...//
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ..

ඔබෙ නිල් නුවන් තලාවේ

මුලදි වුනේ මුලාවයි
වැරදීම මා අතේමයි....//
නොසැලී බලා එදා මෙන්
ඉදිමි ඔබේම නාමෙන්..

ඔබෙ නිල් නුවන් තලාවේ...


Download This Song

ආදර සැමරුම්

ආදර සැමරුම් කැටි වු නෙතු කදුලින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ...//
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
Sanath Nandasiri
මහද අදුරු ලෙන අතහැර වඩින්න දේවියේ...

දහසක් මිනි මල් ලියකම් පෙම පිදු වු රන් කටයම්..//
යමුනාවේ තරඟ මතින් මට පිලිබිබු වේවා
චමත්කාර අතීත සඳ යලිත් ජනිත වේවා

ආදර සැමරුම් කැටි වු නෙතු කදුලින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ...
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අදුරු ලෙන අතහැර වඩින්න දේවියේ...

අපගේ පෙම් පුරාවතින් දෙරන හෙලු කදුළු ගලා..//
මැදුරත කිරි ගරුඩ පවුරු පබා කැලුම් දේවා
සනාත වු පෙම් සටහන් එහි සිතුවම් වේවා

ආදර සැමරුම් කැටි වු නෙතු කදුලින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ...//
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එන තුරු එහි නිදන්න දේවියේ
ආදර සැමරුම් කැටි වු නෙතු කදුලින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ
යමුනා තීරේ..යමුනා තීරේ..යමුනා තීරේ..යමුනා තීරේ..

Download This Song 

Thursday, January 22, 2015

මම ඔබෙමයි පෙම්වත

මෙම පිටුව මම යොදා ඇත්තේ නිසදැස් සඳහාම පමනයි...
මම දවස ගානේ නිසදැස් ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.
.මෙහි ඇති නිසදැස් හුදෙක් නිසදැස්ම නොවේ.එනම් මෙහි අති වාක්‍ය හින්දි ගීත සිංහල භාෂාවට පරිවර්තන කරලා ලියපු වදන් වේ.....
එනම් සිංහල තෙරුමක් සහිත හින්දි නිසදැස් වේ...කොහොමද කියලම ඕගොල්ලොම කියන්න...
ඕගොල්ලන්ගෙ හිතේ මොනව හරි ලස්සන හින්දි ගීත වල තේරුම් මෙහෙම නිසදැස් ලෙස පල කරන්න ඕනි නම් මට comment දාන්න...

එම ගීත අනිවරයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කරලා මම දාන්නම්...බලන්නකො එහෙනම් මේ ටික.

මම ඔබෙමයි පෙම්වත



මම ඔබෙමයි පෙම්වත..
සුපෙම්වත ආදරය නමින් දිවුරනවා...
අපි කවදාවත් වෙන් වෙන්නේ නෑ කියලා..

මේසොදුරු මොහොතයි..මේ හමූවීමයි..
ආදරයේ වදන් මම කවදාවත් අමතක නොකරමි..
දවාල මෙන්ම රාත්‍රියද ගෙවීම අමාරුයි..
හැම මොහොතක්ම ව්‍යාකූලයි
එනමුත් ආශාව අඩු නොවේයි..

ඔබ මගේ හදවතේ රැදී සිටියි..
මගේ දෙනෙත් තුළද සැඟව සිටියි...
මම දෙනෙත අරින හැම මොහොතකම හිතන්නේ,,
ඔබව දැකීම මෙන්ම ඔබව ලබාගැනීමයි..

කවදාවත් ඔබ මගෙන් දුර්ස් වෙන්නේ නෑ ....... 

කුමක් දෝ දෙයක් වුණා

කුමක් දෝ දෙයක් වුණා



කුමක් දෝ දෙයක් වුණා..
ඒ සමගම ආදරයකුත් ඇති වුණා.,
ඒ ආදරයත් මගේ හදවතට දැනුනේ ,
හරියට යමක් අල්ලා ගත්තා වගේ...
සියල්ලම වෙනස් වුණා...
නමුත් නැවුම් බවක්ද ඇති වුණා..
කුමක් දෝ වුනා,,

ආදරයකුත් ඇති වුණා..
එය මගේ මතකයේ රඳවා ගැනීමට හිතෙනවා..
ඒ මතකය හදතේ රැව් පිළිරැව් දෙනවා වගේ දැනෙනවා...
ඒ මතකයෙන් මා නොදැනුවත්වම මගේ මුවට සිනහද එනවා,

විටෙක මහදෙයි හොදින් පවතිනවා,
මොනවා උනත් සියල්ලටම වඩා,
මට මුලින් සිනහව නම් ලැබුනා... 
එය මට හරියට යමක් නැතිවෙන විට තවත් දෙයක් ලැබෙනවා වගේ..
කුමක් හෝ දෙයක් වුණා,
ඒත් එක්කම ආදරයකුත් ඇති වුණා.

මද සුලඟ සමග ගැටෙන කුසුමක් වගෙයි,
ඒ දැනුණා අදරය...
මාගේ ප්‍රාණය ඒ මතමෛ රෙදෙන්නේ.
මුව හරියට පිපුනු මලක් මෙන් දැනුණා...

ඒ මත් බව අප දෙදෙනාගෙන්ම ඇති වුණා,
ආදරය කියන්නේ කුමක් ද කියා දැනුණා 
ආදරය ලැබෙන විට හදවත් නැති වී යන්වා.
මට කුමක් දෝ දෙයක් වුණා,

ඒ සමඟම ආදරයකුත් ඇති වුණා,.....

මම ජීවත් වන්නේ

මම ජීවත් වන්නේ

මම ජීවත් වන්නේ ඔබ නිසයි 
මුව වසාගෙන කදුළු සලමින් ඉන්නේ ඔබ නිසයි..
හදවතත් ඇවිලෙනවා, ආසාවේ පහන දැල්වෙන්නෙත් ඔබ නිසයි..
මම ජීවත් වන්නේත් ඔබ නිසයි..

ගෙවී ගිය දින අතුලත් පොත මට ජීවිතයක් ජෙන ආවා..
ගැබුරු මතකයන් ගණන් කළ නොහැකියි..
මම කිසිවක් නොඇසුවත් කොපමණ පිළිතුරු ලැබුනාද??
ආදරයේ මොනවද මට ලැබුනේ කියා මම දුටුවා..

ලෝකයා මොනවා කියන්නද ,??
මම කෙසේ වෛර කරම්ද..
ඔබේ අනින් ඔබ නතිව මම ජීවත් වන්නේ ද?
ඔබ කිව්වා බොළඳයි කියා..
පෙම්වත කොපමණ දුක්ගැහැට මට දුන්නද ?
මම ජීවත් වන්නේ ඔබ නිසයි 

 

මහද පවසන්නේ

මහද පවසන්නේ 



මහද පවසන්නේ ඔබට හදවතින්ම ආලය කරන බවයි,
මාගේ ප්‍රාණය,මාගේ හදවතමාව විශ්වාස කරන්න,
මට සැනසීමක් නෑ,මට සැනසීමක් පමනක් දෙන්න.
මාගේ හද ගැස්ම තේරුනාද ,? ඔබත් මට ආදරය කරන්න...

ඔබ කියනවා නම්,සඳත්,තරුත්,රැගෙන එන්නම්..
සුළංද,වළාකුළු ද,රැගෙන එන්නම්..
මගේ දෙනෙතින් දකින්කෙබදු දැක්මක්ද?
ගංගාවත්,ජලයත්,තිබේනම් පිපාසයක් කොයින්ද..
පියවරෙන් පියවර දෙනෙතෙන් ආදරය කරන්න 
මට සැනසීමක් නෑ
මට සැනසීමක් පමනක් දෙන්න 
මගේ හද ගැස්ම  තේරුම් ගන්න
ඔබත් මට ආදරය කරන්න

මගේ දෙනෙත් තුළ ,මගේ සිහිනයන් තුළට ඔබ හැමදාම එනවා..
මවිදිහට පෙම්වත ඇයි රිදවන්නේ.
ඔබෙන් මම දුරස් වී නැවත කවදාවත් යන්නෑ 
මම පොරොන්දු වෙනවා නැවත එනවා කියලා ..
ඔබව ලෝකයාගෙන් සොරා ගන්නම්..
පොඩ්ඩක් බලා හිදින්න 
මට සැනසීමක් නෑ,
මට සැනසීමක් පමනක් දෙන්න.
මගේ හද ගැස්ම  තේරුම් ගන්න

ඔබත් මට ආදරය කරන්න...

පෙම්වත බලන්න

පෙම්වත බලන්න 



පෙම්වත බලන්න 
අප අතරේ දුරස්භාවය මැකී ගියා..
නමුත් මට මෙතැනයි,මෙහෙමයි..
මම කොච්චර අසරණද,එයාට මොන වගේ සීමාවන්ද
නමුත් මම  මෙතනමයි..

එහි රහස මමයි 
ඔබට එම රහස සැගවීමට බැරි වෙයි.
ඔබට එය අමතක කිරීමට ද බැරි වෙයි 
ඒ මගේ ස්වභාවයයි..
මම ඔබේ හදේ රැව් දෙයි..
ඔබ ඇයි පුදුම වන්නේ??
මම ඔබ හදවතේ හඬයි
එය ඔබට පුළුවන් නම් මගේ හද ගැස්මේ භාෂාව??
නමුත් මම මෙතනමයි..

මට දැන් ඔබේ කල්පනා ලෝකය තුලයි..
මම ප්‍රශ්නයක් වෙමි,,පිළිතුරත් වෙමි.
මම ඔබේ එක් සිහිනයකි 
එසේම මම ඔබේ දෑසේ ආලෝකයයි 
පෙම්වත දැක්කද එය.????

මම මෙතනමයි,, මෙතනමයි    

මදක් ආදරය ඇති වූවා.

මදක් ආදරය ඇති වූවා.







































මදක් ආදරය ඇති වූවා.
මදක් ඉතිරි වූවා,
මම නම් හද්වත දී අවසන්.
එනමුත් ඔබේකැමැත්ත ඉතිරිව ඇත.

කුමන මංසන්ධියක්ද,මේ ජීවන ගමනෙහි ඇති වූවේ?
පෙම්වත ඔබ ලැගුම් ගත්තා මගේ දෙනෙත් තුල.
හදවතෙහි හැම හද ගැස්මක්ම ඔබව හදුනනවා පෙම්වතිය.
එනමුත් මගේ ආසාව ඔබ නොදනී පෙම්වතිය.

පෙම්වත මම ඔබට කැමති වූවා ඔබව හඳුන ගත්තා.
එනමුත් ඔබේ කැමැත්ත ඉතිරිව ඇත.

අද මේ කුමක්ද සිදුවුනේ,හදවත මට පාලනය කරගත නොහැකියි..
ඒ නිසා සිරිත් විරිත් හැම දෙයක්ම,
කඩා දමන්නට මට සිතෙනවා පෙම්වත.
ජීවිත කාලයටම මා සමග ඉන්න පෙම්වතිය.
මම සදහටම ඔබේ වෙන්නම් මට ඔබේ අත දෙන්න පෙම්වතිය.

අතට අත දුන්නත් ඔබ මා සමග සදහටම සිටියත්,
එනමුත් ඔබේකැමැත්ත ඉතිරිව ඇත.
මදක් ආදරය ඇති වූවා.
මදක් ඉතිරි වූවා.......

  

මගේ හදවත

මගේ හදවත 



මගේ හදවත මා ඔබ වෙත පිදුවා,
එනමුත් ඔබ කෞරුන්දැයි මම විමසුවා.
මේ මගේ හදවත දුන් තීරණයයි.
හදවත තීරණය කළ විට ඔබ කවුරුන්දැයි මම හිතුවා.

නැත අවනත මගේ හදවත.
මේ හදවතේ පවතින්නේ කාගේ ශක්තියක්ද?
මා සිත ඈතක යයි,මේ කුමක්ද වෙන්නේ කියා මට සිතා ගැනීමට නොහැක.
ඔබට කුමක්ද සිදුවුවා,..
ඔබ අදමින් කනස්සල්ලෙන් සිටියි.
ඔබ උන්මත්තකයෙකි උමතු වදන් පවසන..

කම් නැත මම උන්මත්තකයෙක් ය,
ඒත් ඔබ කවුරුන්දැයි මට කියන්න.
ඒ කෙසේ වෙතත් මගේ හදවත මා ඔබ වෙත පිදුවා.

ඔබ ගැන විශ්වාසයක් ඇතිවූවා.
මේ සිදුවූයේ කුමකක්ද,,,,
කුමක්ද මෙය ව්‍යාකූලත්වයක්ද,නැතිනම් මෙය ආදරයද..
මා ඒ අසහනයද නොවේ.
ඊයේ ඔබ දුටු සිහිනය මම වෙමි.

දෙනෙතින් දෙනෙත බලමින් ඔබ කවුරුන්දැයි මම හඳුනා ගත්තෙමි....

මේ හුදකලාව

මේ හුදකලාව



මේ හුදකලාව අප දෙදෙනාම එක්  කලා..
අප දෙදෙනාගේ හදවත් ආදරයෙන් කිමිද ගියා..
පුදුමාකාර ආදර රැල්ලක් පැමිණියා නේද?

වස්දඬුරාවෙන්,
අප දෙදෙනාගේ හදවත් නොකී දේ කියවුනා..
මාගේ හදවත,
උමතු හදවත කිමිදුනා,
ඔබගේ ආදරය නැමැති දිය දහර තුල.

ඔබේ වේදනාව මට වැටහෙන්වා..
ඔබට තියෙන හැඟිම් මටත් තිබෙනවා ..
ඔබ කෙරෙහි මා සිත ආලයෙන් බැදුනා..

එය මට වැටහුනේ පමාවෙලායි..... 

පවසන්නකෝ

පවසන්නකෝ 


පවසන්නකෝ , ඔබ මගේ හද තුල රැදෙනවාද කියා..
පවසන්නකෝ ඔබ මා සමඟ මිතුරු වෙනවාද කියා..
බලන්නම්,හිතන්නම්..
හෙට අනිද්දට උත්තරයක් දෙන්නම්..

අපි කොච්චර පරණ යහළුවන්ද?
ඉතින් ඇයි,නොදන්නවා වාගේ ඉන්නේ..
කුමන වර්ණයක් ගේනවාද මන්දා ..
අපේ පොඩිකාලේ මිතුදම 
කවදද කොතැනද කියලා දන්නෑ..
මේ දෙනෙත් නැවතුනේ..
අනේ කවුද දන්නෑ මොහුගේ ජේවන සහකාරිය??

ඔයා ඉතින් මගේ යෙහෙළියනේ
ඔයාවත් මට උදව් කරන්නකෝ..
ඔයාගේ යෙහෙළියගෙ අත මට දෙන්නකෝ..
බලා හිදින්න,බලා හිදින්න 
එය තමයි ආදරය ...
එකපාරක් එයාට මෙය තේරුම් කරන්නකෝ..

ඔන්න අහෙනම් මම කිව්වා ..
ඔබත් එක්ක මිතුරු වෙන්නම් කියා..
ඔබත් කියන්න මා සමග මිතුරු වෙනවද කියා...
බලන්නම්,හිතන්නම්.,,

හෙට අනිද්දට උත්තරයක් දෙන්නම්.....

කවුරු එනකම් ද

කවුරු එනකම් ද


කවුරු එනකම් ද ඔබ මේ බලාපොරොත්තුවෙන් ඉන්නේ??
මම ඉන්නවනේ එක වරක් මදෙස බලන්න,මම ඉන්නවනේ...
ඇයි ඔබ නිහඬ..??
පැවසීමට දෙයක් ඇත්නම් කියන්න ...
හදවත ඉල්ලන තරම් ආදරය ඉල්ලන්න..
ඔබට ඒතරම් ආදරයක් ලෙබෙනවා..
මම ඉන්නවනේ..

ඔබ මොහොතක් සිතන්න..
ඔබ එය බලන්න..
මගේ හදවතේ ඔබ වෙනුවෙන් කෙතරම් ආදරයක් තියෙනවාද කියලා...
ඔබ නිහඩව සිටින්න එපා..
මට කියන්න..
ඕනේම දෙයක් තිබේනම් මට පවසන්න මිතුරේ...
හදවත පමනක් නොව,ජීවිතය උනත් ඉල්ලන්න..
අහෙනම් මම කියන්නම් ඕනම දේකට මම ඉන්නවනේ...

හදවත තෙපලන්වා නම් මොනවා හරි කියන්න, එය මට පවසන්න..
කුමන මොහොත්ක වුවත්,දහවලක,රාත්‍රීයට වුනත්කමක් නෑ මට පවසන්න....

කුමක් හෝ අපහසුතාවයක් හෝ කරදරයක් ආවත්,හරියන්නෙ නැති නම් මට පවසන්න...

යම් කිසි අපේක්ෂාවක්,  පැතුමක් තිබේ නම් කවදාවත් ව්‍යාකූලව ඉන්න එපා, මම ඉන්නවනේ.....

ඔබම නැති වුවා මෙන්

ඔබම නැති වුවා මෙන්



ඔබම නැති වුවා මෙන් ඔබව ලබා ගත්තා,
කීමට ඇති මුත් ඔබට කුමක් පවසම්ද?
කිසිඳු භාෂාවක ඔබ ගැන කීමට වචන නැත.
හදවතේ ඔබ කවුරුන්දැයි ඔබට කෙසේ පවසම්ද?
මම කීවොත් ඔබ වැනි රූමතියක්,
මුළු  විශ්වයේ කොතැනකවත් එති බව.
මේ වර්ණනාව සත්‍යක් මිස වෙන කිසිවක් නොවේ.

දඟකාර ඉරියව් ඔබේ මුහුණෙන් දිස් වේ.
කළුවන් වලාවක් බඳු වූ වරලස කඩා හැලේ.
ලෙළදෙන සළුපට හරියට වළාකුලක් බඳුය.
තුරුලේ ලැගුම්ගත්ත සඳවතියක් සේ,
ඔබ රූමත් සඳවතියක්‍ය..
මම කීවහොත් මෙවන් හද පිනවන්නියක් කොහේවත් නැති බවත්,
කවදාවත් ඇති නොවන බවත්,
මේ වර්ණනාව සත්‍යයක් මිස වෙන කිසිවක් නොවේ..

ඔබ අනුමත කළ නිසයි මෙම ආදර කතාව ගොඩ නැගුණේ.
දැන් අප දෙදෙනා දෙදෙනෙක් නොව.
ඔබ කොහේද?මම එතැන..
මම කීවොත් මගේ සහකාරිය,
ඔබ අප්සරාවක් නැති නම් සුරන්ගනාවක් බව,

මේ වර්ණනාව සත්‍යයක් මිස වෙන කිසිවක් නොවේ....

ඔබ දන්නේ නැහැ

ඔබ දන්නේ නැහැ 



ඔබ දන්නේ නැහැ 
මම උන්මත්තකයෙකු බව..
මහදෙයහි  ඇතිවු ආදර කතාවේ තිළිණය රෙගෙනයි මම ආවේ,
අහන්න,
සහකාරිය මාව තෝරාගන්නකෝ!!!!!

ඔබත් අසහනයෙන්ය,
එතකොට මම පුදුම වෙමි.
මේ රහස කොහොමද?ඉතින් මම ඔබට කියන්නේ..
ඔබ වෙනුවෙන් ජීවිතයද පුදකරන්නම්..
මම මේ ඇත්තයි කියන්නේ..
මගෙන් ජීවිතය ඉල්ලා බලන්නකෝ.. 
අහන්න,...

මම හුදෙකලාවේ ඉන්නේ 
ඔබත් හුදෙකලාවේ ඉන්නේ 
අප දෙදෙනා එක් වුනොත් කොහොමට තියේද,කියා හිතන්න..
නවාතැනකුත් ඇත..
ආදරයෙන් උමතු වු හදවත් දෙකක් ද ඇත..
ඉතින් අපේ ආදර කැරවෑනය ගෙන යමු..

අහන්න,.

එම්බා උදෑසන

එම්බා උදෑසන


එම්බා උදෑසන දැන්ම එන්න,දැන්ම එන්න..
රාත්‍රියෙන් සමුග්ගෙන ප්‍රියාවිය දැන්ම එන්න...

මහදේ උමතුවේ සීමාව කුමක්ද?
ඔබ හරියට මගේ මායාවක් මිස ඔබ වෙන කුමක් ද?
මම අහස් තලයයි ,ඔබ මහපොළවයි 
ඒත් ඔබ නැතුව අසම්පූර්ණයි..
රාත්‍රියෙන් සමුගෙන පෙම්වතිය දැන්ම එන්න...
උදෑසනින්ම එන්න..

කාව බැලුවත් ඔබ වගේ දිස්වන්නේ ඇයි?
මම නොදනිමි..
ඔබේත්,මගේත් සබඳතාවය කුමක්ද කියා...
කෙසේ කියන්නද ????
ඔබ නතිව මගේ හදවත කොපමණ 
අපහසුතාවයකින් පෙළෙනවාද කියා..

රාත්‍රියෙන් සමුගෙන උදෑසනින්ම එන්න,දැන්ම එන්න.... 

ආදරය,හදවතේ සුවයයි,

ආදරය,හදවතේ සුවයයි,




ආදරය,හදවතේ සුවයයි,
ආදරය පැතුමන් හදවත තෙපලයි,
අද මම දැක්කා පෙම්වතිය ඔබේ දෙනෙතේ ඇති ආදරය.

හදවතේ සුවය දන්නේ ඔබයි,
ආදරය කරන කෙනයි එහි ඇති සුවය දන්නේ,
මෙහි හමුවීම මෙන්ම,වෙන්වීමද සටහන් වී ඇත.
මෙහි සත්‍යය මෙන්ම,චපලත්වයේ සෙවනැල්ලත් එත.
ආදරයේ දී පෙම්වතුන් ජීවත් වෙනවා වාගේම,
මිය යෑමද සනිටුහන් වී ඇත,
ආදරය,හදවතේ  ස්වරූපයයි.,
ආදරය ,පැතුමන් හදවත තෙපලයි.
අද මම දැක්කා පෙම්වතිය ඔබේ දෙනෙතේ ඇති ආදරය.

මෙහි සත්‍ය සැඟවී ඇත,
එමෙන්ම කථාවක්ද ඇත,
කිසිවකුගේ මුවෙහි සිනහව තිබුණත් දෙනෙතෙහි කදුලළුය,
මෙහි නොසන්සුන්තාවය මෙන්ම සැනසුමද ඇත,
මෙම සෙල්ලමෙහි ජය මෙන්ම පැරදුමද සනිටුහන් වී ඇත,
ආදරයෙන් උමතුව,ප්‍රේමයෙන් දැවී මිය යයි.
ආදරය හදවත ව්‍යාකූල කරයි,
ආදරය ,පැතුමන් හදවත තෙපලයි.
අද මම දැක්කා පෙම්වතිය ඔබේ දෙනෙතේ ඇති ආදරය.

අහස් කුස තුළ

අහස් කුස තුළ 



අහස් කුස තුළ සඳුතනිවී සිටී,
යොවුන් රාත්‍රියත්,සඳ එළිය නරඹමින් සිටි,
ඒ අවුල් වූ රාත්‍රියේ සුළං එබී බලමින් හමායයි.
තරු දෝලාවෙන් කණමැදිරි රංචු එති.

දෙනෙත් යම් හැගීමක්විත් දෙතොලේ නවති.
බෙර,සංගීත භාණ්ඩ වැයේ,...
ඉඟසුඟ නලවා මාගේ සුරූපී රාධා නටන්න පටන් ගත්තා.
මේ ලස්සන ගිරිදර කුමරු පැමිණියේ කොහෙන්දැයි කවුද දන්නේ,
බලන්න මගේ ප්‍රියාවිය,
මගේ හද සැලෙන සැටි...

මට හරි ලජ්ජයි
මගේ අත අල්ලන්න එපා,
මට යන්න දෙන්න.
මම තරහ වෙනවා,
මට කරදර කරන්න එපා,

ජමුනා ගංතේරේ බෙර වාදනය වෙයි.
ක්‍රිෂ්ණා රාධා සමග නටයි,

ප්‍රීතියෙන් ඉපිල ගී ගායනා කරයි...

රාජාට රානිගේ පලමුවෙනි ආදරය

රාජාට රානිගේ පලමුවෙනි ආදරය 


රාජාට රානිගේ පලමුවෙනි ආදරය ඇගේ පළමුවැනි,
දෙනෙත් පහරින්ම ඇති වුනා,,..
ඊතලයක් වැනි බැල්මක් නිසා දෙදෙනාගෙම හදවත්,
තුවාලයක් මෙනි සිදුරු වුණා..

මවත් දැන් හමුවෙලාත්
මෙහෙම හමුවීමක් නම් සිදූ වුණේ නැහැ..
නැවතත් පිස්සු හැදුණා,..
හදවත් අසහනයට පත් වුයේ ඇයි ද කියාදන්නේ නහැ,,,

රානි දිහා බලන්න 
දෙනෙත් බැල්ම සොරා ගත්තා නේද?
මම රාජාට මෙහෙම මායාවක් කලා,

කෙසේ වුවත් මට ආදරය කරන්න වේද කියලත් හිතට අති වුණා....

හිමින් හිමින් හදවත සොරාගන්න..

හිමින් හිමින් හදවත සොරාගන්න..



හිමින් හිමින් හදවත සොරාගන්න..

ඔබව දුටු දවසේ පටන් ,
හදවත නැතිවුනා වගේම සැනසීමත් නැති වුනා,
මගේ දෙතොලේ ඔබගේ නම හැරෙන්න ,
වෙන කිසිවෙකුගේ නමක් නැත.

මම ඉන්න තත්වයත්,ඔබගේ වගේම තමයි පෙම්වත.
ඔබව සිහි කරනවා අරෙන්න වෙන වැඩක් ඇත්තෙම නෑ..

එන්න එන්න,
දෙන් කුමටද ලැජ්ජා වෙන්නේ,
හිමින් හිමින්,හදවත සොරා ගන්න,
හිමින් හිමින් ජීවිතයට එන්න,
හිමින් හිමින්,හදවත සොරා ගන්න,

හැම රාත්‍රියකම මට ඔබව විතරයි පෙනුනේ,
මගේ නින්ද සොරාගත්තා ඔබ,
මිහිරි වදන් වලින්
ඔබත් මට කෙතරම් කරදර කරනවද?
එනමුත් ඔබේ එක ඉරියව්වකට මට ආදරේ හිතුනා.!!!!
එන්න එන්න,
දෙන් කුමටද ලැජ්ජා වෙන්නේ,
හිමින් හිමින්,හදවත සොරා ගන්න,
හිමින් හිමින් ජීවිතයට එන්න,
හිමින් හිමින්,හදවත සොරා ගන්න,
පෙම්වතිය,මම ඔබට කෙතරම් ආදරේ කරන්වද කියා,
ඔබව හමුවී පවසන්නම්...




සඳ යමක් කිවා,

සඳ යමක් කිවා,



සඳ යමක් කිවා,
රාත්‍රියෙහි යමක් ඇසුණා
ඔබත් අසන්න.,නොදැනුවත්ම ආදරය කරන්න, ආදරය කරන්න..
සඳ රැස් පැමිණ මට එහෙම කිව,
මාවතේදීත්,නිවහනේදීත්,ආදරය කරන්න කියලා සඳ මට කීවා...

මොනවාද කීවේ,
මොනවගේ දෙයක්ද ,කියන්න බලන්න ,මෙය විහිළුවක්,මා සමඟයි..
හදවතට ඉගි කලා,
ආදරයේ බැල්ම සොරාගෙන ආදරය කරන්න කියලා සඳ පැවසුවා..

මේ කිසිවකුගේ තොරතුරක් වේ නම් එය සිහිනයක්ද නොවේ..
මමමෙහේ ,
ඔබ ඔහේ,
කාගේ හඬක්ද,
ආදරය කරන්න කියා සඳ යමක් පැවසුවා..

මගේ පණවගේ එයාටආදරය කරන්නේ
නමුත් ඒයා කිසදෙයක් දන්නෑ 
මම කෙසේද ඔහුට දොස් පවරනේ
ඔහු චපලයෙකුත් නොවේ
මට ඇසුනත් ඔහු කිසිවක් කිව්වෙත් නෑ..

හදවත පොඩ්ඩක් හිතන්න..

රාත්‍රියේ ඇති වු අනුරාගිත්වය

රාත්‍රියේ ඇති වු අනුරාගිත්වය



රාත්‍රියේ ඇති වු අනුරාගිත්වය තවමත් දෙනෙතින් ඉවත් නොවිණ..
ඔබේ අනුරාගි කය තවමත් මාගේ දෑතින් ගිලිහුනේ නැත,
නෙත් හැරුණු විට එය සිහිනයක් මෙන් විය..
ඔව් ඒ ඇය තමයි,ඇයමයි...

ඔබ ළග නැතත්,ඔබ සමග පෙමින් බැදී ඇත..
සිහින මවමින් එහා මෙහා පෙරලමින් සිටී.
ඔබ ගැන හිතන සෑම මොහොතකම ඇති වන්නේ වේදනාවයි...
ජලයේ ගිලුනත් ,මගේ කය දැවෙයි..
ඔව් ඒ ඔහුයි,ඔහුමයි...

ඔබ වැලද ගැනීමේ සුබ මොහොත පැමිණෙයි.
ප්‍රේමවන්තියන්ගේ දිව්රීම් වලින් වනුයේ දුකකි...
රැයත්,දවාලත් දිගුවේ නම් ,

දිගු ආදරයක් ඇති හදවත් හමුවන මොහොතද ළඟා වෙයි....

හදවතයි ඉල්ලන්නේ පෙම්බරිය

හදවතයි ඉල්ලන්නේ පෙම්බරිය


හදවතයි ඉල්ලන්නේ පෙම්බරිය...
ඒ නිසා ඔබ මාවෙත එන්න පෙම්වතිය,
එන්න ආදරය කරන්න,
මා වෙත එන්න පෙම්වතිය,
මමත් ව්‍යාකූලයි,ඔබත් ව්‍යාකූලත්වයෙන් ඉන්නේ,
ඔබේ පැමිණීමේ බලාපොරොත්තුවෙනුයි මම පෙම්වත ඉන්නේ,

ඔබෙ ශෝබනය කුණාටුවක් වගෙයි පෙම්වතිය,
ඔබේ මුහුණෙනුයි මම මාවම හදුනාගන්නේ පෙම්වත,
මාගේ දෙනෙතට දෙනෙත යොමන්න,
මාව ඔබේ කරගන්න පෙම්වත,එන්න ආදරය කරන්න මා වෙත පෙම්වත,

මම ඔබට සදා ණයගැතියි පෙම්වතිය,
ඔබ ගැන මැවෙන සිහිනය මගේ පැතුමයි පෙම්වත,
පෙම් කතාවක් අපි ලියමු සුපෙම්වතිය,
ප්‍රේමයේ අපි උමතු වෙමු පෙම්වත,
හදවතයි ඉල්ලන්නේ පෙම්බරිය.
ඒ නිසා ඔබ මාවෙත එන්න පෙම්වතිය,
එන්න ආදරය කරන්න,
මා වෙත එන්න පෙම්වතිය,
මමත් ව්‍යාකූලයි,ඔබත් ව්‍යාකූලත්වයෙන් ඉන්නේ,

ඔබේ පැමිණීමේ බලාපොරොත්තුවෙනුයි මම පෙම්වත ඉන්නේ,


හදවත කුමක් කරම්ද

හදවත කුමක් කරම්ද ,

හදවත කුමක් කරම්ද ,
යම් කිසි කෙනෙකුට ආදරයක් ඇති වෙනවා නම්,
කොහේ ගියත් කවදා හරි කිසිවෙකුගෙන් ආදරයක් ලැබෙනවා නම්,
එය එසේ පවතී..

දැඩි උමතුවෙන් මේ ලෝකය නැමැති මාවතේ ගියහොත්,
කියාගත නොහැකි විදිහට මාවත වෙනස් වේ,
හදවත මොනවා කරම්ද?..

යම් විට වළාකුළු උඩින් පාවෙන්නා සේ ,සාගරෙයේ රැළිද පාවෙයි,..
නැවතුමක් නොමැතිව සියලු දැක්මවලට ලෝකය හසුවේද ???
ජූලි ඔබට එපමණයි..,
යම් කිසි කෙනෙකුට ආදරයක් අති වනවා නම්,

හදවත කුමක් කරම්ද ???? 

ජීවිතයේ ස්වරූපය

ජීවිතයේ ස්වරූපය














ජීවිතයේ ස්වරූපය සෑම මොහොතකම වෙනස වෙයි...
එම වෙනස වීම සිදුවන්නෙ ඉඳහිට..
ජීවිතයේ දුක සැප වෙනස වෙනවා මෙනි...
හෙටක් තිබුණත් නැතත් සෑම මොහොතක් මසතුටින් ජීවත් වෙනවා...

ඔබව මම මගේ මුලු හඩින්ම පතනවා 
ඇයව හමුවන්නෙ ගොඩාක් අමාරුවෙනි
ඇය තමයි මම හොයන කෙනා
ඒ වගේම එයා තමයි ලස්සනම කෙනා 
අගේ අත ඔබ අල්ලා ගන්න 
ඒ පෙම්වතිය මා හට හමු වුනත් නැතත් 
සෑම මොහොතක්ම සතුටින් ජීවත් වෙනවා..

ඔබට සෙවණ දෙන  යම්කිසි කෙනෙක් ආවොත් 
ඒ පිස්සු හදවතට කොපමණ වාරුවක් වුනත් 
එවිට අතිවෙන හද ගැස්ම දිගටම පවතිනවා
ඔයා මදක් සිතන්න...ඒ ආදර කතාවේ හැම දෙයක්ම එහෙම තමයි...
හෙටක් තිබුණත් නැතත් ජීවිතයේ සෑම මොහොතක්ම සතුටින් ජීවත් වෙන්න..  

දෙනයනේ ගෑ සඳුන් වගේ

දෙනයනේ ගෑ සඳුන් වගේ

















දෙනයනේ ගෑ සඳුන් වගේ,
සුපිපුනු මලින් විහිදෙන සුවඳ වගේ,
ඔබමගේ හදසොරා ගත්තා.
පෙම්වතිය..
මේ මොනවද ඔබ කලේ????

ඔබේ උකුල මත දැලක් මෙන් එල්බ ගත් මතකයේ සුවදින්,
මා සතුටක් විද ගත්තෙමි,
දෙනෙතේ ඇතිවන නිදිබර ගතිය වගේ නින්දෙන් දකින,
සිහිනයක් වගේ මහද සොරා ගත්තා..

මම නිතරම ආදරයෙන් උමතු වෙලා සිටිය කාලේ ,
ඔබ හමු වීම සත්‍ය බව ලොවට පවසමි පෙම්වත..
දෙතොල් සිනහව මෙන්,
සිනහවේ සතුට මෙන්,
ඔබ මගේ හදවත සොරා ගත්තා,
ඔව් පෙම්වත,
මේ මොනවද කලේ ඔබ?
ඔබ සොරා ගත්තා....

ආදරය


ආදරය
ආදරය,,ආදරයේදි ජීවිතය සුන්දරයි කියලා හැඟෙනවා....
හැම සිහිනයක්ම සත්‍යක් කියලා හැඟෙනවා....
හැම අරමුණක්ම,වෙනස් වෙනවා....
සුළඟෙහිද මුහුණුවර වෙනස් වෙනවා...
වර්නයක් දෙසට දෙනෙත් යොමුවෙනවා...
තවත් සමහරු,සමහරු රතු පාටට ඇළුම් කරනවා ....
හැමතිස්සෙම,හැම මොහොතෙම,සදහටම එකම තමයි මතකයට නැගෙන්නේ....??????????

Tuesday, January 20, 2015

කරදිය ගැඹරේ

කරදිය ගැඹරේ

කරදිය ගැඹරේ කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

Download this song