පවසන්නකෝ
පවසන්නකෝ , ඔබ මගේ හද තුල රැදෙනවාද කියා..
පවසන්නකෝ ඔබ මා සමඟ මිතුරු වෙනවාද කියා..
බලන්නම්,හිතන්නම්..
හෙට අනිද්දට උත්තරයක් දෙන්නම්..
අපි කොච්චර පරණ යහළුවන්ද?
ඉතින් ඇයි,නොදන්නවා වාගේ ඉන්නේ..
කුමන වර්ණයක් ගේනවාද මන්දා ..
අපේ පොඩිකාලේ මිතුදම
කවදද කොතැනද කියලා දන්නෑ..
මේ දෙනෙත් නැවතුනේ..
අනේ කවුද දන්නෑ මොහුගේ ජේවන සහකාරිය??
ඔයා ඉතින් මගේ යෙහෙළියනේ
ඔයාවත් මට උදව් කරන්නකෝ..
ඔයාගේ යෙහෙළියගෙ අත මට දෙන්නකෝ..
බලා හිදින්න,බලා හිදින්න
එය තමයි ආදරය ...
එකපාරක් එයාට මෙය තේරුම් කරන්නකෝ..
ඔන්න අහෙනම් මම කිව්වා ..
ඔබත් එක්ක මිතුරු වෙන්නම් කියා..
ඔබත් කියන්න මා සමග මිතුරු වෙනවද කියා...
බලන්නම්,හිතන්නම්.,,
හෙට අනිද්දට උත්තරයක් දෙන්නම්.....