මාගේ මේ ගී එකතුවේ ගොඩාක්ම තියෙන්නේ හිමින් යන ගීතයි...බය වෙන්න එපා කස්ටිය...මේ ගීත වලට නින්ද යන් නෑ හොඳේ.!!!!!
මේ කාලය වෙනකොට පරන ගීත ටිකක් අඩුයි අහෙනවා..TV එකේ බැලුවත් අනේ මන්දා මොනවා යනවද කියලා.....
අලුත් ගීතත් දානවා..ඒත් හුගාක් ජනප්‍රිය ගීත විතරයි දාන්නේ මම මේකට..
අහන්න පුලුවන් ඒවා..මෙම website එකා ආරම්බයෙන් පස්සෙ හැමදාම මම එක ගීතය ගානේ දානව..
මම මෙහි යොදන වෙනස්ම දේ තමයි සිංහල ගීත පදවැල් සමග දාන්නේ...නිකන්ම නිකන් ගීතය නෙමෙයි....
එහෙනම් මම කියෙවුවා ඇති නේද?..ගීත ටික බලන්නකෝ...
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
![]() |
| W.D.Amaradewa Master |
මගේ සොඳුරු ළඳුනේ.......
හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්......
තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්......
