ඔබම නැති වුවා මෙන්
ඔබම නැති වුවා මෙන් ඔබව ලබා ගත්තා,
කීමට ඇති මුත් ඔබට කුමක් පවසම්ද?
කිසිඳු භාෂාවක ඔබ ගැන කීමට වචන නැත.
හදවතේ ඔබ කවුරුන්දැයි ඔබට කෙසේ පවසම්ද?
මම කීවොත් ඔබ වැනි රූමතියක්,
මුළු විශ්වයේ කොතැනකවත් එති බව.
මේ වර්ණනාව සත්‍යක් මිස වෙන කිසිවක් නොවේ.
දඟකාර ඉරියව් ඔබේ මුහුණෙන් දිස් වේ.
කළුවන් වලාවක් බඳු වූ වරලස කඩා හැලේ.
ලෙළදෙන සළුපට හරියට වළාකුලක් බඳුය.
තුරුලේ ලැගුම්ගත්ත සඳවතියක් සේ,
ඔබ රූමත් සඳවතියක්‍ය..
මම කීවහොත් මෙවන් හද පිනවන්නියක් කොහේවත් නැති බවත්,
කවදාවත් ඇති නොවන බවත්,
මේ වර්ණනාව සත්‍යයක් මිස වෙන කිසිවක් නොවේ..
ඔබ අනුමත කළ නිසයි මෙම ආදර කතාව ගොඩ නැගුණේ.
දැන් අප දෙදෙනා දෙදෙනෙක් නොව.
ඔබ කොහේද?මම එතැන..
මම කීවොත් මගේ සහකාරිය,
ඔබ අප්සරාවක් නැති නම් සුරන්ගනාවක් බව,
මේ වර්ණනාව සත්‍යයක් මිස වෙන කිසිවක් නොවේ....