Thursday, January 22, 2015

ආදරය,හදවතේ සුවයයි,

ආදරය,හදවතේ සුවයයි,




ආදරය,හදවතේ සුවයයි,
ආදරය පැතුමන් හදවත තෙපලයි,
අද මම දැක්කා පෙම්වතිය ඔබේ දෙනෙතේ ඇති ආදරය.

හදවතේ සුවය දන්නේ ඔබයි,
ආදරය කරන කෙනයි එහි ඇති සුවය දන්නේ,
මෙහි හමුවීම මෙන්ම,වෙන්වීමද සටහන් වී ඇත.
මෙහි සත්‍යය මෙන්ම,චපලත්වයේ සෙවනැල්ලත් එත.
ආදරයේ දී පෙම්වතුන් ජීවත් වෙනවා වාගේම,
මිය යෑමද සනිටුහන් වී ඇත,
ආදරය,හදවතේ  ස්වරූපයයි.,
ආදරය ,පැතුමන් හදවත තෙපලයි.
අද මම දැක්කා පෙම්වතිය ඔබේ දෙනෙතේ ඇති ආදරය.

මෙහි සත්‍ය සැඟවී ඇත,
එමෙන්ම කථාවක්ද ඇත,
කිසිවකුගේ මුවෙහි සිනහව තිබුණත් දෙනෙතෙහි කදුලළුය,
මෙහි නොසන්සුන්තාවය මෙන්ම සැනසුමද ඇත,
මෙම සෙල්ලමෙහි ජය මෙන්ම පැරදුමද සනිටුහන් වී ඇත,
ආදරයෙන් උමතුව,ප්‍රේමයෙන් දැවී මිය යයි.
ආදරය හදවත ව්‍යාකූල කරයි,
ආදරය ,පැතුමන් හදවත තෙපලයි.
අද මම දැක්කා පෙම්වතිය ඔබේ දෙනෙතේ ඇති ආදරය.