අහස් කුස තුළ
අහස් කුස තුළ සඳුතනිවී සිටී,
යොවුන් රාත්‍රියත්,සඳ එළිය නරඹමින් සිටි,
ඒ අවුල් වූ රාත්‍රියේ සුළං එබී බලමින් හමායයි.
තරු දෝලාවෙන් කණමැදිරි රංචු එති.
දෙනෙත් යම් හැගීමක්විත් දෙතොලේ නවති.
බෙර,සංගීත භාණ්ඩ වැයේ,...
ඉඟසුඟ නලවා මාගේ සුරූපී රාධා නටන්න පටන් ගත්තා.
මේ ලස්සන ගිරිදර කුමරු පැමිණියේ කොහෙන්දැයි කවුද දන්නේ,
බලන්න මගේ ප්‍රියාවිය,
මගේ හද සැලෙන සැටි...
මට හරි ලජ්ජයි
මගේ අත අල්ලන්න එපා,
මට යන්න දෙන්න.
මම තරහ වෙනවා,
මට කරදර කරන්න එපා,
ජමුනා ගංතේරේ බෙර වාදනය වෙයි.
ක්‍රිෂ්ණා රාධා සමග නටයි,
ප්‍රීතියෙන් ඉපිල ගී ගායනා කරයි...