![]() |
| Athma Liyanage |
මා තනිවේ
සිතුවිලි සයුරේ වෙලුනා..
තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප
පියමන් කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා..
රෑ අහසේ
තරුකැට පායා දිලුණා
මා තනිවේ සිතුවිලි සයුරේ වෙලුනා..
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමන්කෙරුවා
පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිළෙනවා සිතට දැනෙනවා ...
රෑ අහසේ
තරුකැට පායා දිලුණා
මා තනිවේ
සිතුවිලි සයුරේ වෙලුනා..
Download This Song
