Wednesday, February 4, 2015

සඳක් බැස ගියා

Clarance Wijewardana
සඳක් බැස ගියා අවර ගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුනා මතකයි
මම ඉමි සිහි කරලා

දෙලුම් මල් පිපුනු දෙවැට දිගේ
පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ

විවේකයක් ලද විටදි අපි
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගේ හිත්ට වදේ
නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩට අපි
පෙරමුන ගෙන යන්වා
තවත් වරක්..තවත් වරක් මට පාසැල් යන්නට
ලබුනොත් මම යන්වා

ඉමක් කොනක් නැති අහස වගේ
කෙලිලොල් දිවිය මගේ
මලක් පිපි සුවදින් පිරුනා සේ
මුහුනේ සිනහා රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට
අද මට දැනෙනු වගේ
තවත් වරක්..තවත් වරක් මට පාසැල් යන්නට
ලබුනොත් හරිම අගෙයි

දෙලුම් මල් පිපුනු දෙවැට දිගේ
පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
පොඩි කාලේ......................

Download This Song