Wednesday, February 4, 2015

ඔය සුසුම් පවන්

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී..//
Chamara Weerasinghe
ඔබ ගොළුයි හිතත් නිදි
ඔබව තාම මටද හිමි

මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි //
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි
මම තවත් ඔබේ ළඟයි

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදි
ඔබව තාම මටද හිමි

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම් //
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන්
මගේ හිතත් යන්න අරන්

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදි
ඔබව තාම මටද හිමි
ඔබව තාම මටද හිමි

Download This Song