![]() |
| K Sena |
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිඟිති පුතේ.. මගේ පාළුව මැකේ..
අප දෙදෙනා අදුරු ලොවක තනිකරදා පුතේ
ඔබෙ අම්මා දිවියලෝකේ ගියා චූටී පුතේ
මා හට දී ඔයා... ඈ සුරලොව ගියා... //
හිතේ තියන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ...//
සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී...
පුතුගේ උපත මවගේ විපත එක දිනයේම උනේ
කොහොම මම සිහි කරන්නේ පුතුගේ උපන්දිනේ
නිදා ගන්න පුතේ තාත්තාගේ අතේ..//
තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරෙයි ඇතැයි සිතේ..//
ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ
සුර විමනක වැදී... මගෙ රන් කඳ නිදී...
Download This Song
